ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට ඊයේ (06) පැමිණිලි කර තිබෙනවා.
හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද එම ට්විටර් පණිවිඩය ලැබී තිබෙන බවද එම පණිවිඩය නිකුත් කළ තැනැත්තා ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න මහතාගේ පැමිණිල්ලේ සඳහන් වනවා.
එම නිසා තමාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පියවර ගත්නැයිද රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන් වනවා.
713 Views
Comments