රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ලබන සඳුදා(23) එම ඉල්ලීම සළකා බලන ලෙසටයි එම අයැදුමෙන් ඉල්ලා ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(19) හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ අත්අඩංගුවට ගැනීම කුමන වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙනි.
620 Views
Comments