ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉදරි වගකීම මෛත්‍රී පහදයි

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී බිහිකරන රජයක ජාතික සමගිය ගොඩනැගීමේ වගකීම ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂ උතුරු හා නැගෙනහිර පළාත් ආසන සංවිදායකවරු හමුවූ අවස්ථාවේදි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පලකලේ.
ඉදිරියේදී ශක්තිමත් රජයක් බිහිකිරීම සඳහා මුස්ලිම් හා දෙමළ ජන්ද නව රජයට ලබා ගැනීමේ වැඩි වගකීම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිදායකවරු වෙත පැවරෙන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියාසිටියේ.
872 Views
Comments