මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය.

 

9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය.

 

මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබු සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුපහකි.

 

මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවති බවයි.

 

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71 % ක් බව ද කොමිසම පැවසුවේ ය.

 

පිළිගත් දේශපාලන පක්ෂ 40 කින් සහ ස්වාධීන කණ්ඩායම් 312 කින් අපේක්ෂකයින් 7452 කු මැතිවරණයට තරග කළ අතර මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා ගැනෙන නියෝජිතයින් සංඛ්‍යාව 196 කි.

 

ෆස්ට් ඇන්ඩ් ෆාස්ට් මැතිවරණ විකාශය තුළින් ඡන්ද ප්‍රතිඵල ලැබෙන සැණින් ඔබ වෙත ගෙන ඒමට නිවුස් ෆස්ට් සූදානම් ය.

 

 

views

773 Views

Comments

arrow-up