මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදවූ අංගොඩ ලොක්කාගේ උකුස්සා සොයා ගැනේ

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා හොරොයින් ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදා ගත්තේ යැයි සැක කෙරෙන උකුස්සෙක් මීගොඩ නාවලමුල්ල, කනත්තපාරේ පිහිටි සත්ව ගොවිපලක සිටියදී සොයා ගෙන තිබෙනවා
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ නිලධාරීන් භාරයට ගත් එම උකුස්සා බත්තරමුල්ල, වනජීවී හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් හට භාර දුන්නා.
එම සත්ව ගොවිපලේ හිමිකරු සහ තවත් අයෙකු වායු රයිෆලයක් , පතොරොම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් වයස අවුරුදු 19 සහ 30 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
විදෙස් රටක සිට බෝට්ටුවක ආධාරයෙන් මෙරටට ගෙන්වා ගත් එම උකුස්සා ජාවාරම් කටයුතු සඳහා පුහුණු කර ඇති අතර උකුස්සට කිලෝ ග්‍රෑම් 10ත් 15ත් අතර ප්‍රමාණයක් රැගෙන පියාසර කිරීමේ හැකියාව පවතින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.
946 Views
Comments