පෙම්වතා 14 හැවිරිදි පෙම්වතිය රවටා මත් චුවින්ගම් ලබාදී අතවර කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

පෙම්වතා 14 හැවිරිදි පෙම්වතිය රවටා මත් චුවින්ගම් ලබාදී අතවර කරලා

පෙම්වතා 14 හැවිරිදි පෙම්වතිය රවටා මත් චුවින්ගම් ලබාදී අතවර කරලා

මුහුණු පොත මගින් සතියකට පෙර හදිසියේ හඳුනාගත් ජාත්‍යන්තර පාසලක 14 හැවිරිදි ළාබාල සිසුවියක සමග පෙම් බැඳ පසුව ඇය රවටා, සංචාරක ලැගුම්හලක් වෙත කැඳවා ගෙන ගොස් එහිදී මත් චුවින්ගම් එකක් ඇයට ලබා දී පසුව ඇය ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 21 හැවිරිදි තරුණ සංගීත ශිල්පියකුට සහ එම අපයෝජනය සඳහා ලැගුම්හල ලබා දුන් ලැගුුම්හලේ කළමනාකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ නඩු පවරා අධි චෝදනා පත‍්‍ර භාරදෙන ලදී.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත්තේ මෙහි පළමු විත්තිකරු වන පෙම්වතා පාසල් යමින් සිටි ශිෂ්‍යාව පාසල් නිල ඇඳුමෙන්ම කැඳවාගෙන ගොස් අතරමඟදී පාසල් නිල ඇඳුම මාරුකර ලැගුුම්හල වෙත කැඳවාගෙන ගොස් ඇතිබවත් එහිදී මත්වන චුවින්ගමයක් ලබාදීමෙන් අනතුරුව ඇය මත්වූ බවත් ය.



අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස විත්තියේ නීතිඥ ප‍්‍රසාද් චතුරංග මහතා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව විත්තිකරුවන් රුපියල් 50,000 ක් බැගින් මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

 

views

900 Views

Comments

arrow-up