එජාපය තුල දක්ෂයන්ට තැනක් නැහැ - බුද්ධික
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

එජාපය තුල දක්ෂයන්ට තැනක් නැහැ - බුද්ධික

එජාපය තුල දක්ෂයන්ට තැනක් නැහැ - බුද්ධික

අද වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජීව ගුණයන් ඇතුලු මහා සම්ප්‍රදාය සමගි ජන බලවේගය සමග එක්ව සිටින බවත්, එක්තරා කල්ලියක් අද එහි චූල සම්ප්‍රදාය නියෝජනය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සදහන් කරයි

 

එම චූල සම්ප්‍රදාය තුළ කල්ලියක් පාලනය ගෙන යන බවත්, එහි දක්ෂයන්ට තැනක් නොමැති බවත් හෙතෙම සදහන් කරයි.

 

එදා විජයපාල මෙන්ඩිස් මහතාගේ සිට මොහාන් ලාල් ග්‍රේරු දක්වා මන්ත්‍රිවරුන් 65ක් එදා මේ චූල සම්ප්‍රදාය විසින් පක්ෂයෙන් එළවා දැමූ බව පතිරණ මහතා පෙන්වා දෙයි.

 

මේ වනවිට එජාපයෙන් ඉවත් කළ බවට ලියුම් එවමින් සිටින බවත්, මේ කඩදාසි සුනඛයකුගේ අධෝමුඛයේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නැති බවත් පතිරණ මහතා සදහන් කළේය.

 

 

views

865 Views

Comments

arrow-up