පතාලයෙන් පැමිණ වැඩ පෙන්වා යනතුරු සැඟවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

පතාලයෙන් පැමිණ වැඩ පෙන්වා යනතුරු සැඟවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්

පතාලයෙන් පැමිණ වැඩ පෙන්වා යනතුරු සැඟවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්

මොරටුව සොයිසාපුර හෝටලයට එල්ල කළ වෙඩි ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.

 

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 28දා එල්ල වූ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

 

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටියදීයී.

 

දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය 19 වනදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මොටර් රථයකින් පැමිණි පිරිසක් කඩු වලින් පහරදී හානිකර තිබු අතර එහිදී සැකකරුවෙකු හෝටලයේ සේවය කළ පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.

views

784 Views

Comments

arrow-up