මිරිස්සේ වෙඩි තැබීමක්

වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් 28 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කළ අතර ඉන් එක් සැකකරුවකු අල්ලා පොලීසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.
තුවාල ලැබූ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 25 ක් වු මීදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු පළා ගොස් ගොස් තිබෙනවා.
706 Views
Comments