කොරෝනා නිසා රෝහල් උපරිම ධාරිතාවට ළඟා වේ – තවත් රෝගීන් ඉහළ ගියහොත් අර්බුධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

කොරෝනා නිසා රෝහල් උපරිම ධාරිතාවට ළඟා වේ – තවත් රෝගීන් ඉහළ ගියහොත් අර්බුධයක්

කොරෝනා නිසා රෝහල් උපරිම ධාරිතාවට ළඟා වේ – තවත් රෝගීන් ඉහළ ගියහොත් අර්බුධයක්

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තා අනුව මෙරට රෝහල් ගණනාවක් සිය උපරිම රෝගී ධාරිතාවට පැමිණ තිබෙනවා.

 

කොරෝනා ආසාදිතයන් දැනට රට පුරා රෝහල් එකොළහක රඳවා සිටින අතර එයින් රෝහල් පහක ආසාදිතයන් 100 ඉක්මවා ගොස් තිබුණා.

 

මේ තත්ත්වය මත තවත් රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් රෝගීන් රදවා ගැනීම සඳහා තවත් රෝහල් වෙන් කිරීමට සිදුවනු ඇති.

 

වෙනත් රෝගාබාධ සදහා ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ද රෝහල් තුල රදවාගෙන ප‍්‍රතිකාර ලබා දෙමින් කොරෝනා රෝගීන්ද රදවා ගැනීමට සිදුවීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අධික කාර්ය බහුල තත්වයක් ඇතිව තිබෙනවා.

 

දැනට කොරෝනා රෝගීන් ප්‍රතිකාර කරනු ලබන්නේ ජාතික උණ රෝහල, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල, කාත්තන්කුඩි, හෝමාගම, මිනුවන්ගොඩ, හම්බන්තොට, තෙල්දෙණිය යන රෝහල්වල සහ පනාගොඩ යුද හමුදා රෝහල, නාවික වැලිසර හමුදා රෝහල යන රෝහල් වලයි

 

views

1237 Views

Comments

arrow-up