සුදු වෑන් රියදුරන් අද අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

සුදු වෑන් රියදුරන් අද අධිකරණයට

සුදු වෑන් රියදුරන් අද අධිකරණයට

සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධි පිළිබඳව පසුගිය දා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළ පුද්ගලයින් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 


සැකකරුවන් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

 


රැඳවුම් නියෝග මත ඔවුන් දෙදෙනා පැය 72 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කළ බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව සඳහන් කළේ ය.

 


පසුගිය ජනාධිපතිවරණ සමයේදී එම පුද්ගලයින් දෙදෙනා අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූයේ එවක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමගිනි.

 

views

674 Views

Comments

arrow-up