බලහත්කාරයෙන් කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විද්වත් මණ්ඩලයකින් යෝජනා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

බලහත්කාරයෙන් කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විද්වත් මණ්ඩලයකින් යෝජනා

බලහත්කාරයෙන් කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විද්වත් මණ්ඩලයකින් යෝජනා

කොරෝනා වසංගතයට ගොදුරුව මිය යන ආසාදිතයන්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට ගෙන තිබෙන තීරණය වෙනස් කරන ලෙසට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා

 

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා ඇත්තේ කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවයි.

 

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා කටයුතු කිරීම වැදගත් වන අතර ම, විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන්ගේ ආගමික විශ්වාසයන්ට ගරු කිරීම සහ එම විශ්වාසයන් ආරක්ෂා කර දීමට කටයුතු කළ යුතුව ඇති බවද ඔවුන් යෝජනා කරයි.

 

ඒ අනුව ශ්‍රීලංකාවතුළ කොවිඩ් මරණ ආදාහනය අනිවාර්‍ය කිරීමෙන් මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි.

 

ඇතැම් අවස්ථාවලදී අදාල වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාල ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර තිබෙනවා

 

” කොවිඩ් ආසාදිත ව මිය යන අයගේ දේහයන් කළමණාකරණයට පත්කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්‍යෙ කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි අපි අපේක්ශා කරමු”

 

 

 

 

 

views

992 Views

Comments

arrow-up