1991න් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 30% කින් පහතට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 30% ක පමණ ප්‍රතිශතයකින් පහත වැටී තිබෙනවා.
මෙම වාර්තාගත මිල පහතවැටීම සැලකෙන්නේ 1991 වසරේ ජනවාරි මස 17 වන දිනෙන් පසු බොරතෙල් මිල මෙතරම් වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණු ප්‍රථම අවස්ථාව ලෙසයි.
ඒ, රුසියාව ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයීම පහතහෙලීම ප්‍රතිකිෂේප කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෞදි අරාබිය සිය බොරතෙල් මිල පහත දැමීමට පියවර ගැනීම මීට හේතුවුණා.
මේ හමුවේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 ක මිලකට අලෙවි කෙරෙන අතර ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 30 ක මිලකටයි.
855 Views
Comments