අටුළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරියත් රෝහල් ගතකරයි

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
අද (28) පෙරවරුවේ ඔවුන් සුවසැරිය ගිලන් රථයෙන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඔවුන් යොමුකර ඇති බව වාර්තා වෙනවා.
මොවුන්ගේ පවුලේ සාමාජිකයෙකු ඩුබායි හි දින 2ක් ගත කර පසුගිය 19 වැනිදා මෙරටට පැමිණ තිබේ.
ඉන් අනතුරුව ඔහු දින 6ක කාලයක් අටුලුගම ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් ඇසුරු කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බව බණ්ඩාරගම සෞබය වෛද‍්‍ය කාර්යාලය සදහන් කරයි.
ඒ හේතුවෙන් අටුළුගම ප්‍රදේශය හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුනා.
910 Views
Comments