චීනයේ ධනවත්ම මිනිසා වන ජැක් මාගෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වෛද්‍ය සැපයුම් ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

චීනයේ ධනවත්ම මිනිසා වන ජැක් මාගෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වෛද්‍ය සැපයුම් ආධාර

චීනයේ ධනවත්ම මිනිසා වන ජැක් මාගෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වෛද්‍ය සැපයුම් ආධාර

ජැක් මා පදනම සහ අලිබබා පදනම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කරන බව අද නිවේදනය කර තිබෙනවා.

 

 

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මෙම රටවලට කොවිඩ් -19 වසංගතයට එරෙහි සටනට ආධාර කිරීම සදහා, අනෙකුත් අසල්වැසි රටවලද වැඩි අවධානයක් ලබා දීම ඔවුන්ගේ අරමුණ බවයි.

 

 

“ආසියාවට යන්න! ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සඳහා හදිසි සැපයුම් (1.8M වෙස් මුහුණු, 210K පරීක්ෂණ කට්ටල, 36K ආරක්ෂිත ඇඳුම් කට්ටල, සහ වාතාශ්‍රය සහ උෂ්ණත්වමාන) අපි පරිත්‍යාග කරන්නෙමු.

 

වේගයෙන් බෙදා හැරීම පහසු නැත, නමුත් අපි එය සිදු කරමු! ” චීනයේ ධනවත්ම මිනිසා ජැක් මා ට්වීට් පණිවිඩයකින් සදහන් කර තිබුණා.

 

 

views

3016 Views

Comments

arrow-up