සංචරණ නීති කඩා කොළඹට සෙනග ඇද්ද පෞද්ගලික බස් රථයක් මාට්ටු

සමස්ත දිවයිනටම සංචරණ සීමාව ක්‍රියාත්මක කර ඇති කාලය තුළදී අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා මගින් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් එහි රියදුරු සහ කොන්දොස්තරවරයා ඇතුළුව ගමන් ගත් මගීන් 46 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අක්කරපත්තුව පොලීසිය සමත් වී තිබෙනවා.
ඊයේ (30) රාත්‍රියේදීයි ඉඟිනියාගල පොලිස් වසමේ නාමල් උයන ප්‍රදේශයේ දී අදාළ බස් රථය සහ පුද්ගලයින් 48 දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අද (31) දිනයේදී අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
1373 Views
Comments