පුත්තලම සභාපතිගේ මරණයට සැක පිට රියදුරා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

පුත්තලම සභාපතිගේ මරණයට සැක පිට රියදුරා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම සභාපතිගේ මරණයට සැක පිට රියදුරා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පුත්තලම නගර සභාවේ සභාපතිව සිටි කේ. අබ්දුල් බායිස් මහතා ඊයේ දිනයේ දී රිය අනතුරකින් මිය ගිය බව පුත්තලම රෝහල ආරංචි මාර්ග වාර්තා කළා.

 

මේ අතර අද (24) දිනයේ දී ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ රියදුරා ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා.

 

අත්අඩංගුවට ගත් රියදුරා ඇතුළු පිරිසට කළ ස්වසන වායු පරීක්ෂාවේ දී තහවුරු වී ඇත්තේ අදාළ පුද්ගලයින් බීමතින් සිට ඇති බවයි. අනතුර සිදුවී තිබුණේ ඊයේ පස්වරුවේදීයි.

 

ඊයේ පස්වරුවේ වනාතවිල්ලු රාල්මඩුව වැවෙන් ජල ස්නානය කර ඇති ඔවුන් අනතුරුව කැබ් රථයකින් නැවත පැමිණෙමින් සිටියදී ඊයේ සන්ධ්‍යා කාලයේදීයි මෙම අනතුර සිදුවී තිබුණේ. කෙසේ නමුත් රෝහල්ගත කරන අවස්ථාවේදීම සභාපති වරයා මියගොස් සිට ඇත.

 

ඔහුගේ සිරුර මේ වන විට පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී පූර්ණ පොලිස් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

views

1270 Views

Comments

arrow-up