ඊයේ කොරෝනා මරණ 05 යි - සමස්ත මරණ 32 යි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

ඊයේ කොරෝනා මරණ 05 යි - සමස්ත මරණ 32 යි

ඊයේ කොරෝනා මරණ 05 යි - සමස්ත මරණ 32 යි

තවත් කොරෝනා ආසාදිත මරණ 32 ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ දී නිකුත් කළා. කෙසේ නමුත් මේ අතරින් ඊයේ දිනයේ දී සිදුවී ඇත්තේ මරණ පහක් පමණක් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

 

ඒ අනුව ඉතිරි මරණ 27 අතරින් එක් කොරෝනා ආසාදිත මරණයක් අප්‍රේල් 23 වනදා සිදු වී ඇති අතර මැයි 17 වනදා සහ මැයි 18 වනදා එක් මරණය බැගින් වාර්තා වනවා. මැයි 19 වනදා සිදු වූ මරණ 4 ක් මැයි 20 වනදා මරණ 10ක් සහ මැයි 21,22 දිනයන්හිදී මරණ 5 ක් බැගින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

 

ඒ සමඟම මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව 1210 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දී සිදු වී ඇති මරණ වයස අවුරුදු 28 සිට 91 දක්වා වූ වයස් වල පසු වන පුද්ගලයන් බවයි දැක්වෙන්නේ.

 

මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටයුතු කළ පුද්ගලයන් 636 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය මෙතෙක් අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

 

නිරෝධායන කාල සීමාව ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 12 748 ක්.

 

 

views

963 Views

Comments

arrow-up