ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි - එළවළු තොග රැගත් වාහන පෝලිමේ

අද (23) දිනයේදී සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අතිවිශාල ප්‍රමාණයක් එළවළු තොග ලැබෙන බවට තොරතුරු වාර්තා වනවා.
අද සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට ගත් තීරණය හේතුවෙන් ඊයේ (22) රාත්‍රියේ සිට ම එළවළු තොග රැගෙන ආ ලොරි රථ හා වෙනත් රථ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධාන මාර්ගය දෙපස නවතා තිබෙනු දක්නට ලැබුණා.
කෙසේ නමුත් අද උදෑසන වන තුරුම එළවළු රැගෙන ආ ලොරි ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට නොහැකිව බරපතල තත්වයක් උද්ගතවී තිබුණා. එළවළු තොග විශාල වශයෙන් ලැබුණද අද දිනය තුළ ද එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනු ද දක්නට ලැබුණා.
දැනටමත් කිලෝග්‍රෑම් ලක්ෂ හැත්තෑවක් ඉක්මවූ එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇති බව ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ නියෝජිතයකු පවසා සිටියා.
1136 Views
Comments