ජා-ඇල කොරෝනා රෝගීන් සම්බන්ධකම් පැවැත්වූ 100ක් කොළඹින් සොයා ගැනේ

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමීපව ඇසුරු කළ පිරිසක් සොයා නාවික හමුදාව මේ වන විට ගුණසිංහපුර, වේල්ල විදිය, ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුමක් පවත්වා තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ කොරෝනා ආසාධිත පුද්ගලයින් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 100 දෙනෙක් පමණ මේ වන විට නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.
මෙලෙස නාවික හමුදාව භාරයට ගනු ලැබූ පිරිස සාම්පුර් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට පියවර ගන්නා බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
667 Views
Comments