කොරෝනා ආසාධිත සිවුදෙනෙකු පිළිබඳ අභිරහසකින් සෞඛ්‍ය අංශ කැලඹේ

කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ පවසනවා.
ආසාදිතයන් 102කට එය ආසාදනය වී ඇත්තේ විදේශයන්ගෙන් මෙරටට පැමිණි ආසාදිතයන් සමීපව ඇසුරු කිරීමෙන් බව හෙළි වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මේ හේතුවෙන් වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වන්නේ නම් එය ඉදිරි දින 05-08 අතර කාලයක දී සිදුවුණු ඇති බවත් මහාචාර්යවරයා මාධ්‍යයට පවසනවා.
5993 Views
Comments