කොරෝනා වැළදුණු රෝගියා කොළඹ පදිංචිකරුවෙක්

කොරෝනා වෛරසය වැලදී මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිවසේ රඳවා ගනිමින් නිරෝධානය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කර ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
කොරෝනා වෛරසය වැලදී සිටින ලාංකිකයා සහ ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
873 Views
Comments