නිල නිවාස බාර නොදුන් ඇමැතිවරුන්ට නඩු

පසුගිය ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරනවා.
ඇමැතිධූර අහිමි වූ හිටපු ඇමැතිවරුන්ට නිල නිවාස ඉකුත් 20 වැනිදාට පෙර ආපසු බාරදෙන ලෙස දැනුම් දුන්නද එසේ නිල නිවාස ආපසු බාරදී ඇත්තේ කිහිපදෙනෙකු පමණක් බවත් තවත් 13 දෙනෙකු එම නිවාස බාරදී නැති බවයි පැවසෙන්නේ.
හිටපු ඇමැතිවරුන් එම නිල නිවාස ආපසු බාරදී නොමැති නිසා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසකට නිල නිවාස බාරදීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා.
753 Views
Comments