අගමැතිගේ ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට

අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් අද (20) පස්වරුවේ අගමැතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්විමක්ද පැවැත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා භාරකාර ආණ්ඩුවක් පත් කිරිමට නියමිතව තිබෙනවා.
එම භාරකාර ආණ්ඩුවේ අගමැතිධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ගේ නම යෝජනාවි ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ.
15 දෙනෙකු ගෙන් සමන්විත වන මෙම භාරකාර ආණ්ඩුව සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ඇතුලත් විමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි මහනුවර ප්‍රදේශයේ සංචාරයක නියැලෙන බැවින් නව භාරකාර ආණ්ඩුව හෙට (21) දිනයේදි පත් කෙරෙනු ඇති බවයි එම ආරංචි මාර්ග සදහන් කලේ.
624 Views
Comments