මැරුණු සිරකරුවන් හඳුනාගැනීම තවත් ප්‍රමාද වන ලකුණු

මහර බන්ධනාගාර ගැටුමෙන් පසු ජීවිතක්‍ෂයට පත් රැඳෙව්වන් පිරිසගේ මෘත ශරීරවල අනන්‍යතාව තහවුරු කර ගැනීමට ක්‍රමයක් නොමැති වීමෙන් ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම බන්ධනාගාරයේ ලේඛනවලට, ඡායාරූපවලට හා සිර අංකවලට සිදුවූ විනාශය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
මෙම තත්ත්වය නිරාකරණය කර ගැනීමෙන් පසුව එම මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
607 Views
Comments