ඊයේ දින කොරෝනා ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

ඊයේ දින කොරෝනා ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ

ඊයේ දින කොරෝනා ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ

ඊයේ දිනය තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඉන් ආසාදිතයින් 335 දෙනෙකු දේශීයව හඳුනාගත් බවත් ඉතිරි දෙදෙනා මෙරටට පැමිණි විදේශීය ජාතිකයින් බවත් ය.

 

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 189 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 47 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11 ක් ලෙස නව ආසාදිතයින් හඳුනා ගැනිණ.

 

ඊයේ (23) දින වනවිට, මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,508 ක් වන අතර ඉන් පුද්ගලයින් 14,497 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

තවදුරටත් ආසාදිතයින් 5,921 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

 

අද උෑසන වන විට විදෙස් රටවල සිට ලාංකිකයින් 138 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

 

ඒ අනුව මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 4,490 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (23) දිනය තුළ PCR පරික්‍ෂණ 10,679 ක් සිදුකර තිබේ.

 

 

 

views

509 Views

Comments

arrow-up