නොසිතූ මොහොතක සිදුවූ බිහිසුණු අනතුරින් සිසුවියකට බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

නොසිතූ මොහොතක සිදුවූ බිහිසුණු අනතුරින් සිසුවියකට බරපතළයි

නොසිතූ මොහොතක සිදුවූ බිහිසුණු අනතුරින් සිසුවියකට බරපතළයි

බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර තිබේ.

 

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයකට, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ටිපර් රථයක තිබූ යකඩ බට අතරින් කිහිපයක් අදාළ බස් රථය තුළට විසිවීමෙන් අනතුර සිදුවී ඇත.

 

සිද්ධියෙන් බස් රථයේ සිටි සිසුවියකගේ ගෙල සහ මුහුණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇය බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඇයගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර පළාත් රෝහල වෙත මාරු කර යවා ඇත. 

 

ඉඔුලාමුර ප්‍රදේශයේ සිට බලංගොඩ නගරය දක්වා ධාවනය වෙමින් තිබු  එම බස් රථය සහ බලංගොඩ සිට වැලිගෙපොළ දෙසට ධාවනය වෙමින් තිබු යකඩ බට සහිත ⁣ටිපර් රථය එකිනෙක පසුවෙන අවස්ථාවේදී මෙම අනතුර සිදුවී තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය  සහ අනතුරුදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය හේතුවෙන් මෙම අනතුර  සිදුවී ඇති බවය. 

 

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනා  බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

views

278 Views

Comments

arrow-up