අද කාලගුණය

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ටවැඩිතද වැසි ඇතිවිය හැක.
නැගෙනහිර සහ දකුණු පළාත්වල වෙරළබඩප්‍රදේශවලඋදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ත්‍රීකුණාමලය සිට මඩකළපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළංනිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
288 Views
Comments