අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඇරඹෙයි

මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ.
විභාගයේ ආරම්භ දිනය වන අද (6) බුද්ධාගම ඇතුළු ආගම් විෂයන් පැවැත්වෙන අතර විභාගය පෙරවරු 8.30 ට ආරම්භ කිරීමට නියමිතය.
අද ආරම්භ වන විභාගය මේ මස 15 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 452,979 ක් පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 ක් ඇතුළත් වෙති.
පාසල් විභාග මධ්‍යස්ථානවලට අමතරව විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කීය.
252 Views
Comments