දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගත් පියාගෙන් දරුවන් බේරාගත් විශේෂ කාර්ය බළකා මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගත් පියාගෙන් දරුවන් බේරාගත් විශේෂ කාර්ය බළකා මෙහෙයුම

දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගත් පියාගෙන් දරුවන් බේරාගත් විශේෂ කාර්ය බළකා මෙහෙයුම

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබිණි.

 

ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් වේ.

 

කෙසේවෙතත් එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබේ.

 

වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු දෙකක කුඩා පිරිමි ළමයෙකු මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන සිටි බව වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

 

පැයක පමණ කාලයකට පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබී ඇත.

 

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

305 Views

Comments

arrow-up