නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 14 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(31) නියෝග කළාය.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් දහතුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැත.
ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවට වාර්තා කර තිබේ.
654 Views
Comments