“අරක්කු” බෝතලේ වෙනුවට ප්‍රසන්නගෙන් “මැටි” බෝතලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

“අරක්කු” බෝතලේ වෙනුවට ප්‍රසන්නගෙන් “මැටි” බෝතලයක්

“අරක්කු” බෝතලේ වෙනුවට ප්‍රසන්නගෙන් “මැටි” බෝතලයක්

කාර්යාලවල රථවාහනවල මෙන්ම නිවෙස්වල මේස මත පවා හිස් මධ්‍යසාර වීදුරු බෝතල්වල ජලය බීමට ගැනීමට ගබඩා කර තබා ගැනීම මේ වනවිට සම්ප්‍රදායක් වී තිබෙනවා.

 

මෙම සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය තීරණය කර තිබෙනවා.

 

ඉතා දැකුම්කළු හා හුරුබුහුටි ,පහසුවෙන් අතේ ගෙනයා හැකි “මැටි බෝතලයක්” හදුන්වාදීම මෙම වැඩපිළිවෙලේදී සිදුවන බවයි එම අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසන්නේ.

 

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී පූර්ණ එකඟතාවද හිමිව ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

අමාත්‍යවරයා සමග මූලික සාකච්ඡාව ඊයේ දිනයේ සිදුකර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශයේ සෙසු කණ්ඩායම් මෙන්ම මෙම කරුණට අදාල සෙසු සම්පත් දායකයින්ගේද සභාගීත්වයෙන් මීලග සාකච්ඡාව කඩිනමින් පවත්වන බවද දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

957 Views

Comments

arrow-up