විදුලි බිඳ වැටීම පිලිබඳ වාර්තාව ඇමතිවරයාට

හදිසියේම ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ දෝෂය සම්බන්ධව සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඊයේ (24) පස්වරුවේ භාරදී ඇත.
අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින් මෙම වාර්තාව සිදුකර ඇත.
වාර්තාව අද (25) විෂයභාර අමාත්‍යවරයාගේ විමර්ශනයට ලක්වීමට නියමිතයි. එමෙන්ම හෙට (26) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමටද වාර්තාව ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.
කෙරවලපිටියේ බලාගාරයට යාබද ප්‍රධාන විදුලි උපපොළේ ඇති වූ දෝෂයෙන් පසුගිය 17වනදා දහවල් 12.30ට පමණ විදුලි පද්ධතිය බිඳවැටුණා. යථා තත්වයට පත්කිරීමට පැය 8ක් පමණ ගතවුණා.
816 Views
Comments