ජාතික වෙසක් සතිය 4වනදා සිට 8වනදා දක්වා

ජාතික වෙසක් සතිය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කළේය.
මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
කෙසේවෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සදහා එක්කර ගැනිමට නියමිත බව අද දෙරණ සමඟ අදහස් දක්වමින් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සදහන් කළේය.
724 Views
Comments