පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට විවෘත කෙරේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට විවෘත කෙරේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා  හෙට (25) දිනයේ සිට යළි විවෘත කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන්ගේ සංගමය පවසයි.

 


පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට පසුගියදා තීරණය කළේය.

 


පසුගිය 22 දිනයේ සිට දින 3 ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳසැල වසා තැබීමට කටයුතු කළේය.

 


කෙසේවෙතත් PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු විය.

 


ඒ අනුව හෙට සිට තොග වෙළඳුන් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යළි විවෘත කිරීම සඳහා තීරණය කර ඇත.
කෙසේ වෙතත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ ක‍ළේ සිල්ලර වෙළඳාව සිදු නොවන බවත් තොග වෙළඳුන් පමණක් එම ස්ථානයට පැමිණිය යුතු බවත්ය.
එසේ පැමිණෙන වෙළඳුන්ට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස ඉල්ලීමක් කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

 

views

745 Views

Comments

arrow-up