කොරෝනා ආසාදිත ගැබිණි කතක් හමුවේ : දරුවා ජිවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

කොරෝනා ආසාදිත ගැබිණි කතක් හමුවේ : දරුවා ජිවිතක්ෂයට

කොරෝනා ආසාදිත ගැබිණි කතක් හමුවේ : දරුවා ජිවිතක්ෂයට

මෙරට වාර්තා වූ  415 වැනි කොරෝනා ආසාධිත රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තාවී තිබෙනවා. ඒ කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවක් බවයි සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටියේ.

 


කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කළ එම කාන්තාව විශේෂ වාට්ටුවකට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂික වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය සඳහන් කලේ.

 


එම කාන්තාව රෝහල් ගත කරන අවස්ථාවේදීම ඇයගේ කුසේ සිටි බිලිඳා ජිවිතක්ෂයට පත්ව තිබු බවත් පසුව එම කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

views

878 Views

Comments

arrow-up