බ්‍රිතාන්‍ය අලුත් ගමනක
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

බ්‍රිතාන්‍ය අලුත් ගමනක

බ්‍රිතාන්‍ය අලුත් ගමනක

බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම අද (31) සිදු වනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද රාත්‍රී 11 ට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වනු ඇති. 

 


2016 වසරේ පැවැති ජනමත විචාරණයක් අනුව වසර 4 කට අදික සංකීර්ණ ක්‍රියාවලියකින් අනතුරුවයි බ්‍රිතාන්‍ය මෙලෙස යුරෝපා සංගමයෙන් වෙන් වන්නේ.

 

ඒ අනුව රටවල් 28 සාමාජිකත්වයකින් යුත් යුරෝපා සංගමයෙන් වෙන්වන පලමු රට ලෙස බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක් වනු ඇති. වෙන්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද රාත්‍රී 10 නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. 

 


බ්‍රෙක්සිට් යනු අවසානයක් නොවන බවත්, එය තවත් ආරම්භයක් බවත් අග්‍රාමාත්‍ය ජොන්සන් එහිදී පවසනු ඇති.

 

views

933 Views

Comments

arrow-up