ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය විදුලි බලාගාරය අද කිලිනොච්චියේදී විවෘත කෙරුණා.ඒ මෙරට නෝවේජියානු තානාපතිනි ට්‍රයින් ජොරන්කි එස්කැඩේල් මහත්මිය අතින්. 

 

යාපනය විශ්ව විද්‍යාලය සහ බටහිර නෝවේ විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදුකළ ඒකාබද්ධ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසයි මෙය ක්‍රියාත්මක කරනු ලැබුවේ.

 

කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ මූල්‍ය සහාය මත 2017 වර්ෂයේදී මෙය ආරම්භ කෙරුණා. යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය ඉංජිනේරු පීඨ පරිශ්‍රයේදී විවෘත කෙරුණු මෙම ව්‍යාපෘතිය ඔස්සේ කිලෝවොට් 42ක විදුලි ධාරිතාවක් නිපදවා ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට නියමිතයි.

views

801 Views

Comments

arrow-up