කැස්බෑවන් 24 ක් මස් කළ තිදෙනෙකු අත්අඩංගුවට

කැස්බෑවන් 24 දෙනෙකු මරා මස් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව උල්හිටියාව වෙරළ තීරයේ කැස්බෑවන් මැරීමේ ජාවාරමක නිරත වූ ධීවරයින් තිදෙනෙකු අද (25) කැස්බෑ මස් කිලෝග්‍රෑම් 75 යි ග්‍රෑම් 500 ක් සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් උල්හිටියාව සහ කටුනේරිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
වෙන්නප්පුව පොලිසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත උල්හිටියාව වෙරළ තීරයේ දී මුහුදෙන් අල්ලාගෙනවිත් කැස්බෑවන් මස් කරමින් සිටි ධීවරයින් තිදෙනා කැස්බෑ මස් කිලේ 75 යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිස් නිලධාරින් පවසන්නේ මෙම සැකකාර ධීවරයින් කුඩා ප්‍රමාණයේ කැස්බෑවන් 24 දෙනෙකු මරා තිබූ බවයි.
ඔවුන් අද මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
742 Views
Comments