උගත් බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තු යවන්න ඕනේ - ප්‍රසන්න රණවීර

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව උගත් බුද්ධිමත් පුද්ගලයින්ව පාර්ලිමේන්තු යැවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.
"ඒක තීරණය කරන්න ඕනෙ උගත් බුද්ධිමත් මිනිස්සු වගේම බුද්ධිමත් මිනිස්සු යවන්න ඕනෙ. මහජනතාවගේ හඬ නියෝජනය කරන අය වෙන්න ඕනෙ. මේක ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වෙන්නෙ. එතකොට සැබෑ ... ඕනෙම මිනිහෙකුට නායකයෙක් ඉන්නවා.
ඒ ජනතාවගේ හදවත් තේරුම් කරගන්න පුළුවන්, ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න කතා කරන්න පුළුවන් පුද්ගලයො තමයි පාර්ලිමේන්තුව තුළ සිටිය යුත්තේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ප්‍රසන්න රණවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
738 Views
Comments