රටපුරා අක්‍රමවත් නගර 100 ක් එකවර සංවර්ධනය කරන්න යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

රටපුරා අක්‍රමවත් නගර 100 ක් එකවර සංවර්ධනය කරන්න යයි

රටපුරා අක්‍රමවත් නගර 100 ක් එකවර සංවර්ධනය කරන්න යයි

රජය විසින් ක්‍රියාත්මක කර ඇති "සියක් නගර" වැඩපිළිවෙළ යටතේ රුපියල් කෝටි 200 ක වියදමින් රට පුරා විහිදී ඇති දෙවන හා තෙවන පෙළ නගර 100 ක් සංවර්ධනය කිරීමට රජය සූදානමින් සිටී.

 

මීට පෙර අවිධිමත් අයුරින් සංවර්ධනය කර ඇති අපිළිවෙළ, අවලස්සන හා මහජනයා සදහා පීඩාකාරී දෙවැනි පෙළ හා තෙවන පෙළ නගර 200ක් මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ එකවර සංවර්ධනය කිරීමට රජය බලාපොරොත්තු වේ.

 

මේ යටතේ එම නගරවල අනවසර ඉදිකිරීම් ඉවත් කරමින් පදික වේදිකා සැකසීම, රථගාල් ඉදිකිරීම, කාණු පද්ධති සැකසීම, රුක් රෝපණ ව්‍යාපෘති කිරීම, කුණු කසළ එකතු වන ස්ථාන සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකස් කිරීම, දැන්වීම් පුවරු ක්‍රමවත් කිරීම, වීදි ලාම්පු ලබාදීම, බස් නැවතුම්පොළ හා විවේක ස්ථාන ක්‍රමවත් පරිදි ඉදි කිරීම, අවශ්‍ය නම් අලුත්වැඩියා කටයුතු සිදු කිරීම, අවිධිමත් හා තාවකාලික වෙළඳ කුටි එම ස්ථානවලින් ඉවත් කිරීම යන ආදී සංවර්ධන ක්‍රියාකාරකම් රැසක් ඉදිරියේ දී එම නගරවල සිදුකිරීමට නියමිතය.

 

මෙහිදී එක් නගරයක් සඳහා රුපියල් කෝටි 2ක වියදමකින් යුතුව නගර 100ක් සඳහා රුපියල් කෝටි 200ක් වෙන්කර ඇති අතර මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ මෙම නගරවල වැඩ ආරම්භ කරමින් එකවර වැඩ අවසන් කිරීමට රජය බලාපොරොත්තුවෙන් සිටී.

views

1602 Views

Comments

arrow-up