අද කාලගුණය - පළාත් හතකට අදත් වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

අද කාලගුණය - පළාත් හතකට අදත් වැසි

අද කාලගුණය - පළාත් හතකට අදත් වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත් වලත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඊට අමතරව ඌව පළාතේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක වලත් අද සවස් යාමයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

 

අද දිනයේ දී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල වයඹ සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

 

මේ හේතුවෙන් සුළං මඟින් ඇතිවිය හැකි හානි අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

views

595 Views

Comments

arrow-up