අලදෙණියේ සිදුවූ අනතුරකින් සිසුන් හයදෙනෙක් රෝහලට

අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ මාර්ගය අයිනේ සිටි සිසුන් පිරිසක් එම මාර්ගයේ ගමන්ගත් ලොරියකට යටවීමෙන් තුවාල ලැබූ දරු දැරියන් හය දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වයස අවුරුදු 11- 12 අතර දරුවන් මෙසේ තුවා ලබා ඇති අතර දැරියන් හතර දෙනකු, දරුවන් දෙදෙනකු සහ මවක තුවාල ලැබුවන් අතර සිටින බව පොලිසිය කියයි.
ඉන් දරුවන් කීප දෙනකු තරුමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අලදෙණිය පොලිස් වසමේ නුගවෙල පාසල් හන්දියේ නුවර කුරූණෑගල ප්‍රධාන මාර්ගයේදී ඊයේ දහවල් 2.15ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි අලදෙණිය පොලීසිය පවසයි.
අනතුර සිදුකළ ලොරිය කුරුණෑගල සිට මහනුවර දෙසට ධාවනය වී තිබේ.
248 Views
Comments