“සුබ ආරංචිය” ගැන ආණ්ඩුවේ තුන් කට්ටුවක් හෙළිදරව් කලදේ මෙන්න

" රනිල් තමයි මිනිහා" යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය.
පොහොට්ටුව රනිල්ට උදව් කළේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බව කී ප්‍රසන්න රණතුංග මහතා මේ වන විට රටේ බහුතර ජනතාව ද පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇතැයි කීය.
"ආරංචිය සුබයි" යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටු මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුද සහභාගී වූහ.
238 Views
Comments