අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.


මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.


දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං  බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.


කන්කසන්තුරය  සිට  මන්නාරම  හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශවල  සුළගේ වේගය  විටින් විට පැ.කි.මී. (60-65) දක්වා වැඩි විය හැක. 


ත්‍රිකුණාමලය  සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

කන්කසන්තුරය  සිට  මන්නාරම  හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැක.  


ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට  කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

views

200 Views

Comments

arrow-up