රිෂාඩ් සහ රවිට එරෙහි පොලිස් විමර්ශන අත්හිටුවන්න : මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ගෙන් පොලිස්පතිට ලිපියක්

හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ රවී කරුණානායක සම්බන්ධයෙන් ක්‍රියාත්මක පොලිස් විමර්ශන කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.
අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වන තෙක් එම විමර්ශන අත්හිටුවන ලෙසයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
පසුගියදා පැවති දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඒකමතික තින්දුවකටද පැමිණි බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් යොමු කළ ලිපියේ සඳහන් වන්නේ.
ඉකුත් වසරේ අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් කැඳවා තිබුණා. නමුත් ඔහු අද එහි නොපැමිණි බවයි වාර්තා වන්නේ.
771 Views
Comments