බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාමත් අත්හිටුවයි

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාමද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අධිකරණ විසින් කළ දැනුම් දීමට අනුව එම පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව ද කොමසාරි ජනරාල්වරයා සඳහන් කළා.
මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද මීට පෙර අත්හිටුවා තිබුණා.
688 Views
Comments