තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට හැටන් කලාප ගුරුවරුන්ගේ දැඩි උනන්දුවක්

2019 වසරේ ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය ආයතන වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (31) උදැසන 8.30 ට ආරම්භ කෙරුණා.
මැතිවරණ නිරික්ෂකයින්ගේ අධික්ෂණය යටතේ සහ පොලිස් නිලධාරින්ගේ දැඩි පොලිස් ආරක්ෂා මධ්‍යයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර තිබෙනවා.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල්වල ගුරුවරුන්ගේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරෙනවා.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ගුරුවරුන් දෙදහසකට ආසන්න පිරිසක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අයදුම් කර තිබු අතර එම මධ්‍යස්ථානය තුළ ජන්ද මධ්‍යස්ථාන හතක් ස්ථාපනය කර තිබෙනවා.
ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ මොහොතේ පටන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ගුරුවරුන් දැඩි උනන්දුවක් දක්වීම විශේෂත්වයක්.
672 Views
Comments