ජනාධිපතිට සහය දෙන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ජනාධිපතිට සහය දෙන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න - අගමැති

ජනාධිපතිට සහය දෙන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න - අගමැති

නව ජනාධිපතිවරයා වැඩ කරන ජනාධිපතිවරයෙක් ලෙස ඔහුට සහය දීමට නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා ජන්දය භාවිතා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. 

 

පසුගිය පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහයක් නොලැබුණ බවයි අගමැතිවරයා සඳහන් කළේ. 

 

අද විපක්ෂය සංවර්ධනය ගැන කෑගැහුවත් අවුරුදු ගණනක් බලයේ ඉඳලත් රටට කළ සේවයක් නොමැති අතර සංවර්ධනය මෙන්ම ආර්ථිකයද ඇනහිටී බව හෙතෙම කියා සිටියේය. 

 

 

"පාර්ලිමේන්තුවක් නැතුව තමයි පහුගිය දිනවල කටයුතු කළේ. ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙලට පාර්ලිමේන්තුවේ සහයෝගය දෙන්න පුළුවන් වුණේ නැහැ. විපක්ෂය අද කෑගහනවා. අවුරුදු ගාණක් බලයේ ඉඳලා රටට කරපු සේවය මොකක්ද කියල අද අපි අමුතුවෙන් අහන්න ඕනේ නැහැ. සංවර්ධනය ඇන හිටියා. ආර්ථිකය ඇනහිටියා. මේ තත්ත්වයේ වෙනසක් කරන්න කාලය ඇවිත් තිබෙනවා. අලුත් ජනාධිපතිවරයෙක්, වැඩකරන ජනාධිපතිවරයෙක් ඒ දක්ෂතාවයට එතුමාට සහය දෙන පාර්ලිමේන්තුවක් බිහිකරන්න ඕනේ. ඒ බිහිකිරීම තමයි අපි කරන්න ඕනේ."

 

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මල්සිරිපුරදී පැවති ජනහමුවේදීය. 

 

views

698 Views

Comments

arrow-up