කොරෝනා අර්බුධය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් දෙන්න : ජනපති ලෝක මුල්‍ය ආයතනවලින් ඉල්ලයි

කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයේ තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන්ට අන්තර්ජාතික මුල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටිනවා.
බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- 19 වෛරසය සමාජ දුරස්ථතා, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.
661 Views
Comments